Friday, December 26, 2014

මල් යහන් කවි

විවිධ දෙවි දේවතාවුන් සදහා සෑම ගමකම සෑම පළාතකම මල්යහ කවි කියැවේ. හේන් සහ කුඹුරු වල අස්වනු නෙලා ගන්නා   ගොවියන්  මල්යහන් මඩු පැවැත්වීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ සතුට සාමය  සෙත් ශාන්තිය මෙන්ම  ඊලග කන්නයේ සදහා ගොවිතැන් බත් දියුණුවෙන් දියුණුවට  පත්  කර ගැනීමයි.

විශේෂිත දිනයක් වූ  කෙම්මුර (kemmura)  (බදදා, සෙනසුරාදා) දිනයක පවත්වනු ලබන මල්යහන් මඩු සදහා  ජන කවියා සංකල්පනය කර ඇති කවි ගායනා කිරීම සදහා ඇදුරන් කීප දෙනෙකු සහභාගී වන අතර මල් යහන් කවි ගායනා සදහා දේශීය තූර්ය භාන්ඩ  යොදා ගැනේ. 

නර්තන රංගන  ශෛයිලියේ විවිධ තාල  ඒ සදහා යොදා ගනිමින් රචිත මල් යහන් කවිය සිංහලයාට පමණක් ආවේණික සංස්කෘතික අංගයකි.
මෙහි ඇති විශේෂත්වය නම්  ජනකවිය මඩු ශාන්ති කර්මය සදහා  උචිත වන අයුරින් උච්චාරන භාෂාව හා ශක්තිය උපදවනු ලබන අක්ෂර යොදාගෙන  තිබීමයි.
හෙළ කළා සම්ප්‍රදායේ සුවිශේෂි අංගයක් ලෙස මල් යහන් කවිය  පෙන්වා දිය හැකිය.

මල්යහන් කවියකට උදාහරණයක් පහතින් දක්වා ඇත.

want ti inset 


පහතරට නර්තනය

නර්තනය යනු ජන ජිවිතය හා බැදුනු සංස්කෘතිමය හර පද්ධතියකි. එවන් සංස්කෘතිය පහතරට නර්තනය ජන ජිවිතය හා එකට බැදුනු සම්ප්‍රධායකි. පහතරට නැටුමෙහි උපත් කතාව මෙලෙස ප්‍රකාශ කරන්නෙමු. අතිත ඉංදියාවේ මලයරට රජකල searamana නම් රජු දවස ඔහුගේ නින්දට බාදාකල ගෝනෙකු විය.එම සත්වයාගෙ මාංශ අනුභවයට රජුට සිත්පහල වු අතර ඔහු සැනෙකින් ක්‍රියාත්මක විය. රජු දෑතින්ම ගෝනා මරනයට පත් කිරීම  ක්‍රොධ සිතින් මිය ගිය ගෝනා රජුගේ උයනේ මැඩියෙකුව උපත ලැබීය. 
දිනක් උයන් කෙලියෙහි නියුතු රජු තම පොකුණෙහි පිපි නෙළුමක් ගෙන එහි සුවද විදිනවාත් සමගම ඉහත සදහන් කල මැඩියා රජුගේ ස්වසන මාර්ගය ඔස්සෙ මොළයට ඇතුළු විය.

දැඩි හිසරදයක් සමග රජු රෝගාතුර වී මාරාන්තික  තත්වයට  පත්විය.දිනක් රාත්‍රි සිහිනෙන්  දුටු දීප්තිමත් ආලෝකය පිළිබදව නැකත් කරුවන්ගෙන් විමසූ විට  එම ආලෝකය පත්තිනි දේව මෑණියන්ගේ යැයි ඔව්හු ප්‍රකාශ කළහ.
තවද මෙම රෝගය සදහා පිලියම් කිරීම සදහා නිර්මල බුදු දහම  පවතින 
රටක gammadu yaagaya (Devil dance)  පවත්වන්නට අවශ්‍යය බව නැකත් කරුවෝ කීහ.
එකල්හී නිර්මල බුදු දහම ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත් රජු ඇතුළු  පිරිස ඊසානදිග ruwan vella  ට ගොඩ බැස ප්‍රථම මඩු යාගය එහි සිදු කළහ. ( දැනටද ඒ හා සම්බන්ධ ෂාක්ශි දක්නට ලැබේ)  
එසේ ව්‍යප්ත වූ  නර්තන කළාව රජූ විසින් විවිධ කුලයන් හට බෙදා දෙන ලදී..
ඒ අනුව මන්ත්‍ර ශාශ්ත්‍රය (manthara) සහ දේවාභරණ (God Jewelries) කපු පරම්පරාව  සදහාද., නර්තනය නැකති පරම්පරාවටද (Auspicious generation)  බෙර සෑදීම සහ බෙර වාදනය -------------------  එමකුලයන්ට ලබාදී නර්තන කලාව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය‍ය පසුබිම සකසා දෙනූ ලැබීය.මඩු යාගය පැවැත්වීම සදහා සැකසූ  තොරන.. යහන් වැනි දේ පිලිබදව මෙසේ  විවරනය කරන්නෙමු.

අතීත ඉන්දියානූ සමාජය මෙන්ම  ලාංකීය සමාජයද කුල බේදය පැවතිනි. ඒ ආකාරව සතර ආකාර කුල ලෙස 
  • රජ කුලය
  • බමුණූ කුලය
  • වෙළද කුලය
  • ගොවි කුලය
ඔවුන් තොරණ් යහන් සේදීම සදහා භාවිතා කල අමුද්‍රව්‍යය ද සතර ආකාර විය එනම්,
  • රජ කුලය  රත්ත්‍රන් ද
  • බමුණූ කුලයට මැණික් ද
  • වෙළද කුලයට පිලි ( රෙදි )
  • ගොවි කුලයට රඹ පත් ( gok kola)
යොදා ගත් බවට නර්තන ඉතිහාසය  ෂාක්ශි දරයි.

මෙම ලිපියෙහි කරුණු එක්රැස් කිරීම
manavi muthumali

Thursday, December 25, 2014

ආයුබෝවන්.....!!!

ඔබ සැම සාදරයෙන් පිලිගණිමි.....!!!

මෙම අඩවිය තවමත් පර්යේෂන මට්ටමේ පවතින අතර  හැකි ඉක්මනින් මෙම අඩවිය මහජන අයිතියට  පත්කරනු ඇත..

එතෙක් අප හා  රැදී සිටින්න..

අපි  රංග කළා වෙබ් ආයතනය.....

ස්තුති....
R.k web.