විවිධ දෙවි දේවතාවුන් සදහා සෑම ගමකම සෑම පළාතකම මල්යහ කවි කියැවේ. හේන් සහ කුඹුරු වල අස්වනු නෙලා ගන්නා ගොවියන් මල්යහන් මඩු පැවැත්වීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ සතුට සාමය සෙත් ශාන්තිය මෙන්ම ඊලග කන්නයේ සදහා ගොවිතැන් බත් දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීමයි.
විශේෂිත දිනයක් වූ කෙම්මුර (kemmura) (බදදා, සෙනසුරාදා) දිනයක පවත්වනු ලබන මල්යහන් මඩු සදහා ජන කවියා සංකල්පනය කර ඇති කවි ගායනා කිරීම සදහා ඇදුරන් කීප දෙනෙකු සහභාගී වන අතර මල් යහන් කවි ගායනා සදහා දේශීය තූර්ය භාන්ඩ යොදා ගැනේ.
නර්තන රංගන ශෛයිලියේ විවිධ තාල ඒ සදහා යොදා ගනිමින් රචිත මල් යහන් කවිය සිංහලයාට පමණක් ආවේණික සංස්කෘතික අංගයකි.
මෙහි ඇති විශේෂත්වය නම් ජනකවිය මඩු ශාන්ති කර්මය සදහා උචිත වන අයුරින් උච්චාරන භාෂාව හා ශක්තිය උපදවනු ලබන අක්ෂර යොදාගෙන තිබීමයි.
හෙළ කළා සම්ප්‍රදායේ සුවිශේෂි අංගයක් ලෙස මල් යහන් කවිය පෙන්වා දිය හැකිය.
මල්යහන් කවියකට උදාහරණයක් පහතින් දක්වා ඇත.
want ti inset
No comments:
Post a Comment